මීටියාගොඩ පොලිස් බලප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේදී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩිතබා තිබේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඔහු අද (17) පෙරවරුවේ සීනිගම දේවාලය ආසන්න ප්‍රදේශයයේදී ඔහුට අයත් කැබ්රථයේ සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩිවැදුණු ප්‍රදේශීය දේශපාලනඥයා සමගි ජන බලවේගයේ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.
එමෙන්ම ඔහු රත්ගම විදුර නැමති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියෙකු බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...