දේශීය පුවත්

ඉදිරියේදී සිදුකෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා 5 වන ශ්‍රේණිය ‘ශිෂ්‍යත්ව විභාග’ අහෝසි කර වෙනත් විභාග ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අදාළ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවේ සහ එම කමිටුවට සහය වීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුවේ අවධානය යොමුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අමාත්‍ය කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අතර එහි පළමු සාකච්ඡාව පසුගිය 14 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති බවත්, එහිදී ජනාධිපතිවරයා වසර 13ක කාලයක් ළමයින් පාසල් අධ්‍යාපනයේ රඳවා තබාගැනීම පිළිබඳව විශේෂඥ කමිටුවේ අවධානයට යොමුකර ඇති අතර සාමාන්‍ය පෙළ හා 5 වන ශ්‍රේණිය විභාගවල අවශ්‍යතාව පිළිබඳව කඩිනමින් සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව ද සඳහන් කර ඇති බවත් වාර්තා වේ.

එමෙන් ම, මෙම විශේෂඥ කමිටුව මෙරට අධ්‍යාපනය ක්ෂේත්‍ර 5ක් ඔස්සේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් වාර්තාවක් ඉදිරියේදී අමාත්‍ය කමිටුවේ සභාපති වන ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත බවත් සඳහන් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More