දේශීය පුවත්

පුරාවස්තු අඥාපණත මගින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට බලතල ප්‍රකාරව පුරාවිද්‍යා රක්ෂිත හා ස්ථාන ගැසටි කිරිමට ප්‍රථම අදාළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත නිකුත් කර ඇති 2023 ජනවාරි 11 වන දින ලිපය සහ එහි අන්තර්ගතය අභියෝගයට ලක් කරමින් රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ පවරා ඇති පෙත්සම (CA WRIT 86/23) 2023 ජුනි මස 20 වන දින විභාගයට ගැනිමට නියමිතය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නිතිපතිවරයාද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද, විෂය භාර ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය මනතුංග මහතා ද නම් කර ඇත.

මෙම නඩුවෙ පෙත්සම් කරුවන් ලෙස පුජ්‍ය කණුපැලැල්ලේ අනුරුද්ධ හිමි, ශ්‍රී ලංකා යුධ හමුදාවෙ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ලුතිනන් ජෙනරල් ජගත් ඩයස් මහතා, විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල ද සිල්වා මහතා, විශ්‍රාමික නාවික කොමදොරු ඉසිර කාසියවත්ත මහතා, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී තිලක් කරුනාරත්න මහතා, පුරාවිද්‍යා උපදෙශක සභාවේ හිටපු සාමාජික, ග්‍රන්ථ කර්තෘවරයකු වන මාධ්‍යවේදී මතුගම සෙනවිරුවන් මහතා, ජාතික පුනරුද සංසදයේ ලේකම් එම්. ආරියදාස මහතා, ජාතික උරුමයන් සුරුකිමේ මහා සම්මේලනයේ කැදවුම්කරු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික තරුණ මණ්ඩලයේ හිටපු ගරු උප සභාපති ජනක බෝධිනන්ද ගුණතිලක මහතා යන අය පෙනි සිටී.

ජනාධිපති නීතිඥ මනෝහාරද සිල්වා මහතා ප්‍රධාන නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.

දැනට ගවේශනය කොට තහවුරු කර ගත් පුරාවිද්‍යා ස්ථාන කඩිනමින් මැන අවසන් කොට ගැසට් කරන ලෙසත්, විනාශ විමේ තර්ජනය⁣ට මුහුණ දි ඇති ස්ථාන කඩිනමිි සංරක්ෂණය කරන ලෙසත්, අන්තවාදින් විසින් විනාශ කරමින් ඇති ස්ථාන ආරක්ෂා කොට ඒවාද හැකි ඉක්මනින් ගැසට් කිරිමට කටයුතු කරන ලෙසත් මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට ජනාධිපති ලේකම් යැවූ ලිපිය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More