න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ආතම් ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
පසුගියදා පැවති සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී රොස්ආතම් ආයතනය මේ බව අනාවරණය කර ඇති අතර, එම දැවැන්ත ආයතනය ශ්‍රී ලංකාව ද හවුල් කරගනිමින් මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී තිබේ.
රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM (රොස්ආතම්) යනු රුසියාවේ විශාලතම විදුලිබල නිෂ්පාදකයාය.
එමෙන්ම එය න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව සඳහා උපකරණ, ඩිජිටල් නිෂ්පාදන, විවිධ නව්‍ය න්‍යෂ්ටික සහ න්‍යෂ්ටික නොවන නිෂ්පාදන නිපදවන ආයතනයකි.
රුසියාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 20% ක් පමණ සපුරනු ලබන්නේ ද ROSATOM (රොස්ආතම්) ආයතනය විසිනි.
මේ වනවිට ඔවුන් ලොවපුරා රටවල් 11ක සමාගම් 34ක් සමඟ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.
රොස්ආතම් ආයතනය මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට එකඟතාව පළකර ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ද තහවුරු කර ඇති අතර, මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා මෙරට පරමාණුක බලශක්ති අධිකාරිය එක්වන බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...