දේශීය පුවත්

CNN ප්‍රවෘත්ති සේවය ඊයේ (15 ) පුවත් වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක අනවසරයෙන් වෙනත් ආයතන වල වෙබ් අඩවි වලට ඇතුළුවීමේ ව්‍යාපාරයක සාමාජිකයන් එක්සත් ජනපද රාජ්‍ය ආයතන ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් දොස් පැවරිය යුත්තේ කාටද යන්න පිළිබඳව වොෂිංටන් පරිපාලනය කිසිදු අදහසක් නොදක්වන බවද CNN පුවත් සේවය පවසයි. මේ අතර රුසියානු භාෂාව කතා කරන කන්ඩායම් පසුගිය සතිවල සිදුවූ මේ හා සමාන ආක්‍රමණවල වගකීම භාරගෙන ඇති බවද වාර්තා වේ.

එක්සත් ජනපද සයිබර් ආරක්‍ෂාව සහ යටිතල පහසුකම් ආරක්‍ෂක ඒජන්සිය “ප්‍රහාරයන්ට ලක්ව ඇති ෆෙඩරල් ආයතන කිහිපයකට සහාය සපයනවා” යනුවෙන් ෆෙඩරල් නියෝජිතායතන නිලධාරියෙක් CNN පුවත් සේවයට පවසා ඇත. “සයිබර් ප්‍රහාරකයන් වෙතින් එල්ල වන බලපෑම් තේරුම් ගැනීමට සහ ඒවාට කාලෝචිත ප්‍රතිකර්ම සහතික කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටිමු.”යනුවෙන් එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්නත්, ආයතන කීයකට එම ප්‍රහාර වලින් බලපෑම් එල්ල වී ඇත්ද යන්නත් සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමට අදාළ බලධාරින්ට හැකියාව ලැබී නැත.

මෙම ප්‍රහාරය පසුගිය සති දෙක තුළ බටහිර ආයතන, විශ්ව විද්‍යාල සහ ආණ්ඩු ඉලක්ක කරගනිමින් “හැකරුන්” විසින් එල්ල කල ප්‍රහාර මාලාවක නවතම ප්‍රහාරය වන්නේය.මිනසෝටා සහ ඉලිනොයිස් ප්‍රාන්ත ආණ්ඩු වල වෙබ් අඩවි වලට මෙන්ම බීබීසී පුවත් සේවය, බ්‍රිටිශ් එයාර්වේස් සහ දැවැන්ත ඛනිජ තෙල් සමාගමක් වන ෂෙල් වැනි සමාගම් ඉලක්ක කර පහර එල්ල කර ඇත.

CL0P නමින් හැඳින්වෙන රුසියානු භාෂාව කතා කරන කණ්ඩායමක් බොහෝ ප්‍රහාර වල වගකීම භාරගෙන තිබේ. එලෙසම ඔවුන් ඉල්ලා සිටින කප්පම් මුදල් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් බලපෑමට ලක් වූ ඉලක්ක වලින් ලබාගත් දත්ත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කරන බවට තර්ජනය කර තිබේ. CNN පුවත් සේවයට අනුව,සයිබර් ප්‍රහාරක කණ්ඩායම ඔවුන්ගේ ඉලක්ක වෙත ප්‍රවේශය ලබා ගැනීම සඳහා MOVEit නම් ජනප්‍රිය ගොනු හුවමාරු මෘදුකාංගය භාවිතා කර ඇති බවද වාර්තාවේ.

පසුගිය 14 වනදා නිකුත් කරන ලද වීඩියෝ පටයක, රුසියානු භාෂාව කතා කරන සයිබර් හැකර් කණ්ඩායම් වන Killnet සහ REvil මෙන්ම නිර්නාමික සුඩානය ලෙස හඳුන්වන තවත් කණ්ඩායමක් කියා සිටියේ ඔවුන් යුරෝපීය බැංකු සහ මූල්‍ය ආයතන ඉලක්ක කර “අනුකම්පා විරහිත” ව්‍යාපාරයක් දියත් කරන බවයි. මෙම සංවිධාන පසුගිය කාලයේ එක්සත් ජනපද සහ අනෙකුත් බටහිර ආණ්ඩු ඉලක්ක කර ඇතැයි කියනු ලැබේ, නමුත් ඔවුන් මෑත කාලීන ප්‍රහාරයකට සහභාගී වූයේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු මෙතෙක් ඉදිරිපත්ව නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More