ස්ථාන මාරුවීම් ලබා දී තිබිය දී නව රාජකාරිවලට වාර්තා නොකළ ජාතික පාසල් ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට අමාත්‍යංශ ලේකම්වරයා පොරොන්දු වී ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ඒ අනුව, ලබන 19 වන දා වන විට ස්ථාන මාරුවීම් ලැබූ පාසල්වල සේවයට වාර්තා නොකළ හොත් ඔවුන්ගේ වැටුප් නැවැත්වීමටත්, තවදුරටත් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.එන්. රණසිංහ සමඟ කළ සාකච්ඡාවකදී පොරොන්දු වූ වී ඇති බවයි සභාපතිවරයා පවසන්නේ.
එසේම, එම මාරුවීම් සිදුකළ පාසල්වලින් නිදහස් කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දීම් කර තිබියදීත් මෙතෙක් කලක් රාජකාරිය පැහැර හරිමින් කටයුතු කළ විදුහල්පතිවරුන්ට ද ආයතන සංග්‍රහය අනුව කටයුතු කෙරෙන බව ද ඔහු පවසයි.
අගනුවර මෙන්ම සෑම දිස්ත්‍රික්කයකම ඉතා ම ජනප්‍රිය ජාතික පාසල්වල ගුරුවරුන් මෙසේ මාරුවීම් නොතකා හැර ඇති අතර, ජාතික පාසල් ගුරුවරු දොළොස් දහසක් (12,000) මේ වසරේ ස්ථාන මාරුවීම් සිදුකර ඇති වාතාවරණයක ඉන් පන්සීයක් (500) අදාළ පාසලේ සේවයට වාර්තා නොකර සේවය කළ පාසලේ ම බලහත්කාරයෙන් රැඳී සිට ඇත.
එමෙන් ම, ඔවුන්ට අභියාචනා ඉදිරිපත් කරන්නේ නම් ස්ථාන මාරුවීම් ලැබූ පාසලේ සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව සිදුකරන ලෙසට දන්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...