දේශීය පුවත්

මුලතිව් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නොමැති බව දන්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ.

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කර ගනිමින් වෙත පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබුණි.

කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් මහජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මගින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් විසිරී ඇති බැවින් එම ඉඩම් බෙදාදීම නුසුදුසු බව ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි සිය ලිපිය මඟින් පෙන්වාදී තිබුණි.

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවැති ඉඩම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති ලේකම්වරයා සිය ලිපියේ දක්වා ඇති බව සඳහන් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More