දේශීය පුවත්

ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය පෞද්ගලික අංශයට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පෙරේදා (14දා) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම දෙපාර්තමේන්තුවට බලපාන ගැටලු එම සම්බන්ධීකරණ රැස්වීමේදී අනාවරණය කිරීමෙන් පසුව වජිර අබේවර්ධන මහතා පැවසුවේ ගාල්ල – බෙලිඅත්ත, කොළඹ -අබේපුස්ස, කොළඹ – යාපනය හා කොළඹ-නුවර යන දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය පෞද්ගලික සමාගම් වෙත භාරදිය යුතු බවය.

එහිදී විඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

“අපි අලුත් විදිහකට හිතන්න ඕනෑ. ගාල්ල-බෙලිඅත්ත දුම්රිය පාර අපි එක සමාගමකට දෙන්න ඕනෑ. කොළඹ-අබේපුස්ස තව කම්පැනියකට දෙන්න පුළුවන්. කොළඹ – යාපනය පාරේ දුම්රිය ධාවනය තවත් කම්පැනියකටත්, කොළඹ – නුවර පාර තව සමාගමකටත් භාර දුන්නාම අපිටත් කෝච්චියේ යන්න පුළුවන් විදියට මේවා හැදෙයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More