ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් යළි සේවයට වාර්තා නොකළ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිව් දෙනකු සේවය අතහැර ගියා සේ සැලකීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පවසයි.
පසුගිය මාසයේ පැවති ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 පස් වන සමුළුව සඳහා සහභාගී වීමට එංගලන්තය බලා ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු මෙම මස 4 වැනි දින නැවත සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුණද එදින සේවයට වාර්තා නොකිරීමේ හේතුවෙන් ඔහුන් සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඉකුත් මැයි මස විසි 25 වැනි දින විදේශ ගතවීමෙන් පසු නැවත දිවයිනට පැමිණ නොමැති බවට ආගමන විගමන දෙපාර්තමේන්තු මගින් තහවුරු කරගෙන තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...