ඉකුත් දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හා එක්වී පුරාවිද්‍යා මායිම් ගල් ගලවා ඉවත් කරන ලෙසට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට සිදු කළ අනිසි බලපෑමට එරෙහිව හා වර්තමානයේ කුරුන්දි විහාරය සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳවත් කරුණු දන්වමින් අමරපුර විද්වත් සංඝ සභාව විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකොට තිබේ.
එම ලිපියේ දක්වා ඇත්තේ කුරුන්දි විහාරයේ පමණක් නොව සමස්ත වෙහෙර විහාර සතු ඉඩකඩම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ජනාධිපතිවරයාට හෝ ගිහි සමාජයට හෝ නොමැති බවයි.
කුරුන්දි විහාරයේ මායිම් ගල් ගලවා දැමීමට ඉක්මන් නොවී විහාර සතු ඉඩකඩම් පිළිබඳව පිළිපැදිය යුතු ශාසනික ක්‍රමවේද මොනවා දැයි මහනායක හිමිපානන් වහන්සේලාගෙන් විමසා දැනගන්නා ලෙසද එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
අදාළ ලිපිය පහළින්…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...