දේශීය පුවත්

බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඉල්ලා අස්වීමේ සිදුවීම විවාදාත්මක තත්ත්වයක් ඇති කර තිබෙන නමුත් මෑතක දී ජනාධිපතිවරයා හා පැවති සාකච්ඡාවලදී පවා මනතුංග මහතා අදහස් දැක්වූයේ කැබිනට් තීරණ පවා ක්‍රියාත්මක කිරීමට අකමැති ආකාරයෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

නමුත් එම තත්ත්වය විෂය භාර අමාත්‍යවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර පවතින ගැටලුවක් වන බවත් එම ගැටලුව තම පාර්ශ්වයට අදාල නොවන බවත් තම පක්ෂයට ඇති ගැටලුව නම් උතුර නැගෙන පළාත්වල ඉඩම් ආක්‍රමණය කිරීම බවත් මන්ත්‍රීවරයා පවසයි.

එබැවින් වික්‍රමනායක මහතා එම ධුරයෙන් ඉවත් කරන්නයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

චාවකච්චේරිය දී මාධ්‍ය අමතමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More