දේශීය පුවත්

කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු බෙදුම්වාදින්ගෙන් හෝ අන්තවාදින්ගෙන් පමණක් නොව වත්මන් ආණ්ඩුවෙන් ද බේරාගැනීමට සිදුවී ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

නීතිඥ උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී අද (15) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ලංකාවේ ඓතිහාසික උරුමයන් රාශියක් උතුරු සහ නැගෙනහිර පලාත්වල ඇති බවත්, සිරිල් මැතිව් ඇමතිතුමා විසින් යුනෙස්කෝ සංවිධානයට යැවූ ආයාචනයේ 1983 වසර වන විට හඳුනා ගෙන තිබුණු උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන 276 ක් සඳහන් වන බවත් ඒ මහතා සඳහන් කරයි.

උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවස්තු අද විනාශ වෙන්නේ බෙදුම්වාදින් සහ අන්තවාදින් අතින් පමණක් නොවන බවත් ආණ්ඩුවේ නිලධාරින් අකර්මන්‍ය වීමෙන් සහ අධිකරණවලට බොරු වාර්තා සැපයීමෙන් ඒවාට සහාය දක්වා ඇති බවත් ඒ මහතා පවසයි.

එම නිසා උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවස්තු විනාශය පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යැයි ලබන 19 වැනිදා කතානායකතුමාට යෝජනාවක් භාර දීමට බලාපොරොත්තු වන බව ද පවසන උදය ගම්මන්පිල මහතා, මේ යෝජනාවට හිටපු කැබිනට් අමාත්‍යවරු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මහචාර්ය චන්න ජයසුමන සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරු ද අස්සන් තබන බවත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More