ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ 7 වැනි ගුණානුස්මරණය අද(ජුනි 15) දිනට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ ගුණානුස්මරණ සැමරුමේ දී එම ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ රට වෙනුවෙන් තම භූමිකාව ඉටු කිරීමට සෝමවංශ අමරසිංහ මහතාගෙන් ලැබුණු පන්නරය ඉමහත් බවය.
මානසිකව ඇද වැටීම් සිදුවෙද්දී සෝමවංශ අමරසිංහ මහතාගේ ගුරුහරුකම් සිහිපත් කරමින් යළි ශක්තිමත් වන බවද, ඔහු මේ රටේ ඉරණම වෙනස් කිරීමට දැවැන්ත භූමිකාවක් ඉටුකළ නායකයකු බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
2002 වසරේ දී වර්තමාන ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා වශයෙන් සිටිය දී රටේ අද අතිවී තිබෙන ලෙසටම බෙදුම්වාදී ජාත්‍යන්තර මෙහෙයුමක් මෙරට ක්‍රියාත්මක වූ බවත්, සුඩානය වෙනුවෙන් සකස් කර තිබූ එම බෙදුම්වාදී මෙහෙයුම හරහා රට අනතුරට වැටෙද්දී සෝමවංශ අමරසිංහ මහතා සමාජය අවදිකරමින් මහා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගූ බවත් වසන්ත බණ්ඩාර මහතා සිහිපත් කළේය.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයද බිහිවූයේ ඔහුගේ එම වෑයම නිසා බවත්, ජනතා විමුක්ති පෙරමුණ වැනි කුඩා පක්ෂයක් දැවැන්ත බහුජන පක්ෂයක් දක්වා එදා ඔසවා තිබීමට සෝමවංශ අමරසිංහ මහතා ක්‍රියාකළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...