2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වැනි දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරෙන අතර, ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද එම නිවේදනයේ සඳහන්ය.
අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත ආකාරයෙන් වන අතර, අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳ ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන්ය.
වැඩිදුර විස්තර
දුරකථන අංක 0112 784 537 / 0112 786 616 / 0112 784 208
ක්ෂණික ඇමතුම් – 1911
ෆැක්ස් අංකය – 0112 784 422
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...