දේශීය පුවත්

රෝහණ විජේවීරයන් විසින් එකල ජනතා විමුක්ති පෙරමුණ නම් දැවැන්ත ජාතිකවාදී පක්ෂය නිර්මාණය කළ දින සිටම දැවැන්ත නායකත්ව භූමිකාවක් ජනතා විමුක්ති පෙරමුණට සැපයූ නායකයන් අතර සෝමවංශ අමරසිංහ මහතා කැපී පෙනෙන චරිතයක් විය.

නිදහසින් පසු බහුතර ග්‍රාමීය සිංහල බෞද්ධ තරුණයන් අතරින් පැණ නැගුණු කැරලි දෙකකට දැවැන්ත දායකත්වයක් සැපයූ සෝමවංශ අමරසිංහ මහතා 87/89 ධවල භීෂණයෙන් ජීවිතය බේරා ගත් ජනතා විමුක්ති පෙරමුණේ එකම දේශපාලන මණ්ඩල සභිකයා ද විය.

1983 දී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යයම කාරක සභාව විසින් අනුමත කරණ ලද දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ යුතුය යන තීන්දුව 1993න් පසුව ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණේ මූලික සටන් පාඨය ලෙස ගෙන ඒමට දැවැන්ත මෙහෙයක් කළේ ද සෝමවංශ අමරසිංහ මහතාය.

රෝහණ විජේවීර මහතාගෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ මෙහෙය වීමේ වගකීම භාර ගත් සෝමවංශ අමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ සමඟ සන්ධානගතව දෙමළ බෙදුම් වාදය පරාජය කරවීමේ උත්සාහය ජයග්‍රහණය කරවීය.

එහෙත් ඔහුගේ උත්සාහය අරමුණ බලාපොරොත්තු වූ අයුරින්ම සාක්ෂාත් කර ගත නොහැකි වූයේ ජවිපෙය තුළ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණකාරී බලවේග නිසාය. 2006 ඔහු විසින් ලියූ “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය තුළින්ද ඔහු මේ බව පවසා තිබේ.

ඇතමුන් අමතක කිරීමට උත්සාහ දරන එහෙත් කිසිදා අමතක කළ නොහැකි මේ දැවැන්ත මිනිසා 2016 ජුනි 15 වැනිදා සදහටම නික්ම යන්නේ දේශයේ අනාගතය වෙනුවෙන් සිදු කළ තම මෙහෙවර නිමා කරමිනි.

දේශපාලන විචාරකයන්ට අනුව සෝමවංශ අමරසිංහ යනු ගින්නෙන් අවසන් කළ ජනතා විමුක්ති පෙරමුණ නැවත නගා සිටවූ රෝහණ විජේවීරයන්ට පමණක් දෙවෙනි වන නායකයා වන්නේ ඒ නිසාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More