ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදේශ සමාගම්වලට විකිණීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ඉදිරියේදී රට පුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි.
ඒ පිළිබඳව නව පනත් පාර්ලිමේන්තුවට ගෙන එමින් විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදේශ සමාගම්වලට විකිණීම සඳහා රජය මේ වන විටත් සියලු පිඹුරුපත් සකස් කර අවසන් බවයි විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ.
මේ සම්බන්ධයෙන් ඊයේ (ජූනි 14) අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.
විශාල මුදලක් වැය කර පුහුණුව ලත් 3800ට වැඩි සේවකයන් සංඛ්‍යාවක් ඉවත් කිරීමටත් විදුලි බල මණ්ඩලය මිල දී ගන්නා සමාගම් 15ක බරපැන විදුලි පාරිභෝගිකයාගේ කර මත පැටවීමට සිදුවන බවත් රන්ජන් ජයලාල් මහතා එහිදී සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...