ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් මෙරට ජනතාවට අලුතෙන්ම හඳුන්වා දෙනු ලබන මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍රය ලබා දීමේ වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ සහභාගිත්වයෙන් අද (15 වැනිදා) පස්වරු 3.30 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත් වීමට කටයුතු යොදා ඇත.
මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකි වන පරිදි නව වැඩපිළිවෙළ සැලසුම් කළ බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.
මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයැදුම් කරන අයැදුම්කරුවනට අද (15 දා) සිට දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කදී සිය ඇඟිලි සලකුණු ලබා දීමට මේ වනවිට පහසුකම් සලසා ඇත.
අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලදී එසේ ඇඟිලි සලකුණු ලබා දීමට අවස්ථාව ලැබේ.
සමන්තුරේ, පොතුවිල්, නුවරගම් පළාත, මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන, මහියංගනය, හපුතලේ, කෝරළේපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි, සීතාවක, හෝමාගම, කරන්දෙණිය, අක්මීමන, නෙළුව, මීගමුව, මීරිගම, ගම්පහ, තංගල්ල, තිස්සමහාරාමය, වාචකච්චේරි, පේදුරුතුඩුව, ඉංගිරිය, මතුගම, පානදුර, ගම්පොළ, කුණ්ඩසාලේ, පූජාපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, කරච්චි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය, මන්තායි බටහිර, නාවුල, අතුරලිය, දෙවිනුවර, බුත්තල, මුලතිව්, අඹගමුව, වලපනේ, ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ, පුත්තලම, හලාවත, බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය, කින්නියා, වෙංගල සෙට්ටිකුලම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ඇඟිලි සලකුණු ලබාදීම සිදු කළ හැකිය.
මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයැදුම් කරන අයකුට දින තුනක් ඇතුළත කුරියර් සේවාවක් ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබේ.
නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසුව ද අවශ්‍ය අයකුට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ සාමාන්‍ය ක්‍රමයට හා එක්දින සේවාව ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකි බව ද ටිරාන් අලස් මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...