සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩි. අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු මන්ත්‍රිවරයාට අයත් බොරලුගොඩ ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් පිරිසක් සමග ආරවුලක් ඇති කරගත් අවස්ථාවේ සිදුවු වෙඩිතැබීමක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
අදාළ ඉඩම බලාගැනීම සදහා යුවළක් එම ඉඩමේ නතර කර සිට ඇති බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ (14) දිනයේ අදාළ ඉඩමට යන අවස්ථාවේ පිටස්තර පුද්ගලයින් පිරිසක් එහි සිට ඇති අතර ඔවුන් සමග මෙම ආරවුල සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.
එහිදි හිටපු මන්ත්‍රිවරයා සිය පිස්තෝලයෙන් වෙඩිතැබීමක් සිදුකර ඇති අතර වෙඩිවැඳීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව සඳහන්ය.
අදාළ සිද්ධිය සම්බනන්ධයෙන් විමර්ශන සිදුකළ හොරණ පොලීසිය ඊයේ පස්වරුවේ පි.ඩී. අබේරත්න මහතා වෙඩිතැබීමට භාවිත කළ ගිනිඅවිය සහ පතරොම් තුනක් සමග අත්අංගුවට ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...