ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ දී ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් හා ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් විසින් විවිධ අසත්‍ය චෝදනා එල්ල කරන බවත්, එහෙත් ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
මෙය තර්කානුකූලව හා විද්‍යාත්මක පදනමක් සහිතව ඉදිරිපත් කළ වාර්තාවක් බවද, එක්තරා මහාචාර්යවරයකු එය එසේ නොවන බවට කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය බවද ඒ මහතා පවසයි.
රටේ උපාය මාර්ගික සම්පත් වන බලශක්ති, වරාය හා ගුවන්තොටුපොළ, තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ මෙන්ම ටෙලිකොම් වැනි අයාතන ද රජයේ පාලනයේ තිබිය යුතු භෞතික සම්පත් බවත්, ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිවක් නොදන්නා පුද්ගලයන් මේ සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල කිරීම විහිළුවක් බවත් සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසයි.
මෙහිදී කුරුන්දි විහාරය සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් පළ කිරීමක් සිදු කරයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...