දේශීය පුවත්

පසුගිය 10 වනදා අමෙරිකානු ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරයේ දකුණු තණතීරුව මත පැවති සමලිංගිකයන්ගේ අභිමානවත් සාදයක දී ලිංගිකත්වය නොසලකා කටයුතු කරන ලෙස අමෙරිකානු සමාජයට බලපෑම් කරන්නියක වන රෝස් මොන්ටෝයා නම් කාන්තාව ඇයගේ පියයුරු නිරාවරණය කිරීම හේතුවෙන් මින් ඉදිරියේදී ධවල මන්දිරයේ පැවැත්වෙන උත්සව සඳහා සහභාගි වීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. කෙසේ වුවද ජනාධිපති බයි‍ඩෙන් සාදයට සහභාගී වූවන් අමතමින් පවසා සිටියේ රැස්ව සිටින පුද්ගලයන් “මා මෙතෙක් දැන සිටි නිර්භීතම සහ ප්‍රබෝධමත් පුද්ගලයන්” ලෙසය.

https://www.instagram.com/p/CtZjNRqpmGk/?utm_source=ig_embed&utm_campaign=embed_video_watch_again

පිරිමියෙකු ලෙස උපත ලැබූ මොන්ටෝයා විසින් පසුගිය 10 වනදා ධවල මන්දිරයේ පැවැති ‘ආඩම්බර සැමරුම්’ උත්සවයේදී ජනාධිපති බයිඩෙන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩෙන් හමුවූ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට කටයුතු කළාය.

ජනාධිපතිවරයාට ආචාර කිරීමෙන් සහ “සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් යනු මානව හිමිකම්” බව ප්‍රකාශ කිරීමෙන් පසු මොන්ටෝයා විධායක මන්දිරය ඉදිරිපිට තිබූ වීඩියෝ කැමරාවට ඇගේ නිරුවත් පියයුරු නිරාවරණය කළාය. ඇය වටා තවත් උඩුකය නිරුවත් පුද්ගලයන් දෙදෙනෙකු සිටි අතර, ඔවුන්ගෙන් එක් අයෙකු ගැහැණියක ලෙස සිට පිරිමියෙකු ලෙස ලිංගික සංක්‍රාන්තියට පත් වූවෙකු වූ අතරවූ අතර පියයුරු ඉවත් කර ඇති බව තහවුරු වන ආකාරයෙන් වීඩියෝ කැමරාව ඉදිරියේ පෙනී සිටියාය.

එම වීඩියෝව අන්තර්ජාල පරිශීලකයන්ගේ විවේචනයට ලක් වූ නමුත් මොන්ටෝයා පසු විපරම් වීඩියෝවක  වොෂින්ටන් නීති කිසිවක් කඩ කර නැති බව අවධාරණය කර සිටියාය. දෙවන පසු විපරම් වීඩියෝවක් නිකුත් කරමින්, මොන්ටෝයා පැවසුවේ “අශිෂ්ට වීමට උත්සාහ කිරීමේ චේතනාවක් මට තිබුණේ නැහැ.මගේ තන පුඩුව නිදහස් කරන්න!” යනුවෙනි.

කෙසේ වුවද ධවල මන්දිරය ඇය ඇතුලු පිරිසේ හැසිරීම අනුමත නොකළ අතර,එහි ප්‍රකාශකයෙකු ඊයේ (13 ) වාර්තාකරුවන්ට පැවසුවේ මොන්ටෝයා සහ ඇගේ සහචරයින් ධවල මන්දිරය පවත්වන උත්සව වලට තවදුරටත් පිළිගන්නේ නැති බවයි.

“ඇයගේ හැසිරීම ධවල මන්දිරයේ කිසිදු උත්සවයකට නුසුදුසු මෙන්ම අගෞරවයක් ගෙන දෙන හැසිරීමක්” ප්‍රකාශකයා පැවසීය. “එය LGBTQI+ පවුල් හෝ පැමිණ සිටි අනෙකුත් සියගණනක් අමුත්තන් පිළිගැනීම සඳහා අපි සත්කාරකත්වය දැක්වූ උත්සවයේ අරමුණ පිළිබිඹු කරන්නේ නැහැ. වීඩියෝවේ පෙනී සිටින සියලුම පුද්ගලයින්ට අනාගතයේ ධවල මන්දිරයේ පැවැත්වෙන උත්සව සඳහා ආරාධනා නොකරනු ඇත.” යනුවෙන් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අමුත්තන් 1,000 කට පමණ ආරාධනා කර තිබූ අතර, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝග වන අමෙරිකානු හමුදාවේ සංක්‍රාන්ති ලිංගිකයන් සඳ පනවා තිබූ හමුදාවට බඳවා ගැනීමේ තහනම ඉවත් කිරීම, සමලිංගික පිරිමින්ට රුධිරය පරිත්‍යාග කිරීම සඳහා වූ තහනම අවසන් කිරීමට ක්‍රියා කිරීම සහ දැඩි සමලිංගික විරෝධී නීති අවලංගු කරන ලෙස උගන්ඩාවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වර්තමාන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් මෙහිදී පුරසාරම් දෙඩීය. බයිඩෙන් අදහස් දක්වන අවස්ථාවේදී, දේදුනු වර්ණයෙන් යුත් ‘ LGBTQI+ ප්‍රයිඩ්’ බැනරයක් ධවල මන්දිරයේ බැල්කනියේ මැදට වන්නට එල්ලා තිබූ අතර එම ධජය දෙපස එල්ලා තිබූ ඇමරිකානු ධජවලට වඩා දෘශ්‍ය ප්‍රමුඛතාවයක් ලබා ගත්තේය.

“ඔබ මා මෙතෙක් දැන සිටි නිර්භීතම සහ වඩාත්ම ප්‍රබෝධමත් පුද්ගලයෝ වෙති” යැයි අමෙරිකානු ජනාධිපතිවරයා සහභාගී වූ LGBTQI+ ප්‍රජාවට පැවසීය. “ඉතා අවංකවම පවසන්නේ නම් ඔබලා ජාතියට සහ ලෝකයට ආදර්ශයක් මේ වන විටත් ලබා දී තිබෙනවා .” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More