උතුරේ දෙමළ දේශපාලකයන්ගේ ඊළාම් සිහිනය බිඳවැටෙමින් පවතින පසුබිමක, ඔවුන් වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා මෙතෙක් සිදුකළ උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇති බවත්, ඔවුන්ගේ ඊළඟ මෙහෙයුම වී ඇත්තේ උතුරු නැගෙනහිර දෙපළාතේ ඓතිහාසික බෞද්ධ උරුමයන් විනාශ කිරීම බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.
ඒ සඳහා ඔවුන් උතුරේ ජනමාධ්‍ය පවා යොදාගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි හෙළිදරව්වක් ඔහු විසින් සිදුකරනු ලබයි.
ඉකුත් මාර්තු මාසයේ දී වව්නියාවේ වෙඩුක්කුනාරී හින්දු කෝවිල සිංහල පිරිසක් විසින් කඩාබිඳ දැමූ බවට මෙම මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාරයක් ද දියත් කළ බවත්, යාපනයේ මුද්‍රණය වන දමිළ පුවත්පත් කිහිපයක් මෙම අසත්‍ය ප්‍රචාර රැගෙන ගියේ එම මාධ්‍ය ආයතනවල හිමිකරුවන් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයින් වන නිසා බවත් ඒ මහතා හෙළිකරයි.
වර්තමානයේ උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ උරුමයන් විනාශ කිරීම මගින් එම ප්‍රදේශවල භූමිය තමන් යටතට ගැනීමට මෙම ජාතිවාදී පිරිස් උත්සාහ දරන බව අරුන් සිද්ධාර්ථ මහතා වැඩි දුරටත් පවසයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...