දේශීය පුවත්

යුක්රේනය සම්බන්ධයෙන් මොස්කව් හමුදා දියත් කර ඇති මිලිටරි මෙහෙයුමෙහි ඉලක්ක වෙනස් වී නැති බවත් ඇත්ත වශයෙන්ම සිදුව තිබෙන්නේ කියෙව් හමුදාවන්ගේ නවතම ප්‍රහාර රුසියානු අභිලාෂයන්ට සේවය කිරීම පමණක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (13 ) ක්‍රෙම්ලිනයේදි පැවැති යුද වාර්තාකරුවන් වෙනුවෙන් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

එහිදී රුසියානු ජනාධිපතිවරයා යුක්රේන රාජ්‍යයේ නාසිවාදීන්ගේ සහයෝගිතාකරුවා ලෙස කටයුතු කළ ස්ටෙපාන් බන්ඩෙරා උත්හර්ෂයට නැංවීම, දකුණු පෙරමුණේ සිදුවෙමින් පවතින සටන් සහ කකොව්කා වේල්ල බිඳවැටීම හේතුවෙන් සිදුව ඇති ව්‍යසනය සම්බන්ධයෙන් කරුණු දැක්වීය. ඒ අනුව මාතෘකා පහක් ඔස්සේ රුසියානු ජනාධිපතිවරයා කරුණු දැක්වීය.

(1) මොස්කව්හි අරමුණු වෙනස් වන්නේ නැත
2022 පෙබරවාරියේදි යුක්‍රේන මෙහෙයුම ආරම්භ වූ අවස්ථාවේදි තිබුණු ඉලක්ක සාක්ෂාත් කර ගැනීම “අත්‍යවශ්‍ය” වන අතර සමහර තත්වයන් සංවර්ධනය වෙමින් පවතින බැවින් ඒවා මත පදනම්ව වෙනස් වීමට යටත් වුවද, මූලික වශයෙන් එම ඉලක්ක එලෙසම පවතින බව පුටින් අවධාරණය කළේය. යුක්රේනය යුදමය වශයෙන් පරාජය කිරීම “අවස්ථානුකූලව ක්‍රමවේදයකට අනුව” සිදුවෙමින් පවතින බවත් කියෙව්ගේ හමුදා මේ වනවිට සම්පූර්ණයෙන්ම බටහිර රටවල් සපයන ආයුධ,යුද උපකරණ සහ පතොරම් මත රඳා පවතින බවත් දේශීයව ඒවා කිසිවක් නිෂ්පාදනය කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දුන්නේය. යුක්රේනය දිගින් දිගටම රුසියාව මුදවා ගත් ප්‍රදේශ වලට ගුවනින් බෝම්බ හෙලන නමුත් Donbass හි ජනතාව ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයේ ප්‍රගතියක් ගොඩ නැගී තිබෙන බවත් පෙන්වා දුනි. කියෙව් හමුදාවේ ඩ්‍රෝන් ප්‍රහාර සහ ආක්‍රමණය දිගටම පැවතුනහොත්, ඒවා ප්‍රහාරක පරාසයෙන් බැහැරව තබා ගැනීම සඳහා යුක්‍රේන භූමියේ “ආරක්ෂක කලාපයක්” පිහිටුවීමට මොස්කව් පරිපාලනය සලකා බැලීමට පෙළඹෙනු ඇති බවද පවසා සිටියේය. “මෙහෙයුම ආරම්භයේදී අප විසින්ම සකසා ගත් ඉලක්ක අනුව කටයුතු සිදුවන අතරම එහි කිසිදු මූලික වෙනසක් සිදුවී නැහැ.” පුටින් අවධාරණය කළේය.

(2) යුක්රේනය දියත් කර ඇති ප්‍රහාරවල ප්‍රගතිය
බටහිරයන් විසින් සපයන ලද හමුදා සහ යුද උපකරණ භාවිතා කරමින් කියෙව් පරිපාලනය පසුගිය ජූනි 4 දා මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කළ නමුත් කියෙව් හමුදා කිසිදු අංශයකින් සාර්ථක බවක් අත්පත් කර ගත්හේ නැත. “ඔවුන් එල්ල කළ ප්‍රහාර වලදී රුසියානු හමුදා වලට සිදු වූ හානියට වඩා දැවැන්ත හානියක් ඔවුන් අත්පත් කරගෙන තිබෙනවා.” යනුවෙන් පැවසූ රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනය අත්පත් කරගත් හානිය රුසියාවට සිදුවූ හානිය මෙන් දස ගුණයකින් ඉහළ බවද පෙන්වා දුන්නේය. යුද උපකරණ වලට සිදු වූ හානිය රුඉයා රුසියාවට සිදුව ඇති හානිය මෙන් තුන් ගුණයකින් ඉහළ බව අවධාරණය කළ රුසියානු ජනාධිපතිවරයා යුද ටැංකි ඇතුළුව බටහිරින් ලබා දී ඇති ආම්පන්න වලින් 30% දක්වා වන යුද උපකරණ ප්‍රමානයක් දැනටමත් යුක්‍රේනයට අහිමි වී ඇති බව පෙන්වා දුන්නේය.

(3) රුසියාව සහ යුක්රේනය සමාන නොවන්නේ ඇයි?
මාධ්‍යවේදීන් සහ Darya Dugina සහ Vladlen Tatarsky වැනි ප්‍රසිද්ධ බුද්ධිමතුන් ඝාතනය කිරීම හෝ Zakhar Prilepin වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යුද නීතිය හඳුන්වාදීමට හේතු විමසූ මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් පුටින් පැවසුවේ, “අපි රුසියාව නීත්‍යානුකූල රජයක්, නමුත් යුක්‍රේනය හැසිරෙන්නේ ත්‍රස්තවාදය මත පදනම් වූ පාලනයක් ලෙසයි. රුසියාවට “ත්‍රස්තවාදී ක්‍රම භාවිතා කළ නොහැකි” නමුත් කියෙව් හමුදා කුමන්ත්‍රණවලට එරෙහිව ආරක්ෂක සේවාවන්හි වැඩ වේගවත් කරන බව රුසියානු ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වුවද සමස්ත රුසියාවට යුද නීතිය හඳුන්වා දීමේ අවශ්‍යතාවයක් නොමැති බවද රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

(4) තවත් බලමුලු ගැන්වීමක් සිදුවේද?
කියෙව් වෙත රුසියානු හමුදා යැවීමට තීරණයක් තිබේ නම් තවත් භට පිරිස් අවශ්‍ය වනු ඇති නමුත් වත්මන් තත්ත්වය යටතේ එසේ නොවන බව රුසියානු ජනාධිපතිවරයා පැවසීය. පසුගිය සරත් සෘතුවේ දී කැඳවනු ලැබූ 300,000ක සොල්දාදුවන් රක්ෂිතයක් තිබෙන බවත්, සතියකට සොල්දාදුවන් 9,500 ක අනුපාතයකින් 150,000 කට වැඩි පිරිසක් දැනටමත් කොන්ත්‍රාත්තු සේවාව සඳහා අත්සන් තබා ඇති බව රුසියානු ජනාධිපතිවරයා අනාවරණය කළේය. එසේ බඳවා ගත් අයවළුන් බෙල්ගරොඩ්හි සිදුවූ සටන් වලදී නිත්‍ය සේවයේ යෙදෙමින් මෙහෙයුම් වලට සහභාගි වූ අතර මේ වන විට ඔවුන්ව ප්‍රශස්ත වශයෙන් යුද සේවයෙන් නිදහස් කර තිබේ.

(5) ගැටුම තුළ යුද කර්මාන්ත ක්ෂේත්‍රයේ භූමිකාව පිළිබඳව
රුසියාව මීට වසර අටකට පෙර සිය ආරක්ෂක කර්මාන්තය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත් නමුත් ගැටුම හේතුවෙන් ඩ්‍රෝන යානා ආදිය සම්බන්ධයෙන් වන වෙනත් අඩුපාඩු විද්‍යාමාන වූ නුමුදු ඒවාද සම්පූර්ණ කර ගැනීමට රුසියානු යුද කරමාන්ත ක්ෂේත්‍රයේ නිපුනයන්ට හැකියාව ලැබුණු බව ජනාධිපතිවරයා පැවසීය. යුක්‍රේන සතුරුකම් ආරම්භ වූ දිනයේ සිට, රුසියානු යුද කර්මාන්තය තුල වන ඇතැම් පද්ධති වල නිෂ්පාදනය දස ගුණයකින් වැඩි කර තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය. මේ අතර සමහර සමාගම් වල කාර්මාන්ත ශාලා සේවක කණ්ඩායම් තුනක් යොදවන තත්වයට පත්ව තිබෙන බවද රුසියානු ජනාධිපතිවරයා අනාවරණය කළේය. මේ අතර, යුක්රේනයට යුද ආම්පන්න නිපදවීමේ හැකියාවන් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කර ඇති අතර මේ වන විට ඔවුන් සම්පූර්ණයෙන්ම බටහිර ආයුද මත රඳා පවතින තවයට පත්ව තිබෙන බවද රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. බටහිරයන් ආයුධ බෙදාහැරීම් නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බව පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා බටහිරයන් රුසියාව සම්බන්ධයෙන් වන ඔවුන්ගේ අරමුණු කිසි විටෙකත් සාක්ෂාත් කර නොගන්නා බව තවමත් වටහාගෙන නොමැති බව පෙන්වා දුන්නේය. “ඔවුන් එය තේරුම් ගත යුතුයි. මම හිතන්නේ ඔවුන් ක්‍රමක්‍රමයෙන් සත්‍ය තත්වය අවබෝධ කරගනිමින් සිටිනවා.” පුටින් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More