ප‍්‍රධාන පුවත්

මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක වුවහොත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අධිකරණ අමාත්‍යාංශයට යොමුකළ වාර්තාව අනුව මුලින්ම එල්ලා මැරීමට නියමිතව සිටින කාන්තාව වන්නේ ශ්‍යාමලී පෙරේරා නමැත්තියකි.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඉකුත් 2011 වසරේ මාර්තු පළමු වැනිදා ඇයට මරණීය දණ්‌ඩනය නියම වී තිබේ.

එයට අමතරව මෙම වසරේදී මරණ දඬුවම හිමි වූ එම්. ඒ. සුමනසිරි හා එස්‌. මොහොමඩ් යන දෙදෙනාගේ නම් ද එම ලේඛනයේ සඳහන්ව ඇති අතර එයින් මොහොමඩ් නමැත්තා පාකිස්‌තානු ජාතිකයකු බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මොහොමඩ් සමග ඒ. ජී. ඒ. බූට්‌, එම්. කුමාර් සහ එස්‌. නසාර් යන පාකිස්‌තානු ජාතිකයන් තිදෙනකුගේ නම් ද එහි ඇතුළත්ව තිබේ.

ඉකුත් 2002 සහ 2003 වසරවල මරණ දඬුවම හිමි වී පිළිවෙළින් වසර 16 ක්‌ හා 15 ක්‌ සිරදඬුවම් විඳි එස්‌. කේ. ජයතිලක හා ශ්‍රී ධර්මාකරන් නමැති දෙදෙනා ද මෙසේ එල්ලා මැරීමට නියමිත පුද්ගලයන් 18 දෙනා අතර සිටිති.

ඉකුත් 2007 වසරේදී මරණ දඬුවම හිමි වූ වේලායුධන් මුරලිදරන්, එම්. එස්‌. එම්. මිස්‌තාර්, බී. ජී. බෝල්සිං සහ 2009 වසරේදී දඬුවම් නියම වූ ශිවනේෂන් රාජා මෙන්ම 2012 දඬුවම් නියම වූ එස්‌. පුණ්‍යමූර්ති, කේ. එම්. චමින්ද, එස්‌. ගනේෂන් මරණ දඬුවමට 2013 දී යටත් කළ ඩබ්ලිව්. විනයාගමූර්ති, එස්‌. ඒ. සුරේෂ් කුමාර් සහ 2015 මරණ දඬුවම හිමි වූ රංග සම්පත් ෆොන්සේකා අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කෙරුණු ලේඛනයේ සඳහන් සෙසු පිරිස වෙති.

මෙම පිරිස්‌ අතරින් සිවු දෙනෙක්‌ දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරි කළ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව විසින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් පසු මරණ දඬුවම හිමිවූවෝ වෙති.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More