දේශීය පුවත්

ඉන්දියාවේ පමණක් ව්‍යාප්තව සිටි ඇනෝපිලිස් ස්ටෙපෙන්සි (Anopheles stepensia ) නමැති මදුරුවා මේ වන විට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයට එය විශාල තර්ජනයක් බැවින් මේ වන විට පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන මැලේරියා මර්දන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම මැලේරියා මර්දන වැඩසටහන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සී.ඩී. ආරියරත්න සහ ප්‍රාදේශීය මැලේරියා මර්දන නිලධාරී වෛද්‍ය වරුණි ගුණතිලක යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත ක්‍රියාවට නැගේ.

මීට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් සඳහා දිගුකාලීන ඔසු ගැල්වූ මදුරුදැල් ( LLIN) 300ක් නොමිලේ බෙදා දීමට ද පියවර ගෙන ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා,

“මැලේරියාව සම්බන්ධයෙන් දැන් වැඩි අවදානමක් තිබෙනවා. ලංකාවට එන සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියානුවන්. ඉන්දියාව මැලේරියාව බහුලව තියෙන රටක් නිසාත් අනුරාධපුරයේ මැලේරියා මදුරුවන් ඉන්න නිසාත් ලොකු අවදානමක් තියෙනවා. එමෙන්ම ඉදිරියේදී කන්කසන්තුරේ සිට දකුණු ඉන්දියාවට නැවක් දියත් කිරීමටත් නියමිතයි. එයින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අපේක්ෂා කරනවා. එය රටට ඉතා වැදගත් වුවත් ඉන්දියාවේ සිට එන අය අනුරාධපුරට පැමිණීමට ඉඩකඩ වැඩියි.

2016න් පස්සේ මැලේරියා පරපෝෂිතයා පමණයි ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. වාහකයා හෙවත් මදුරුවා තවමත් ලංකාවේ ඉන්නවා. ඒ නිසා රෝගියෙක් ආවොත් බෝවීමේ ප්‍රවණතාව ඉතා ඉහළයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More