දේශීය පුවත්

ජනවරමක් නැති ජනාධිපතිවරයා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමිය විනාශ කරන්නට වෙර දරන බවත්, මේ මොහොතේ එය රැකගැනීමට සැවොම එක් විය යුතු බවත් දන්වමින් මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහා නායක ස්වාමීන් වහන්සේලා වෙත මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළහ.

මේ මොහොත වන විට ජනාධිපතිවරයාගේ බලපෑම මත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙන බවත් මේ ඔස්සේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඉඩකඩම් වලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

රටේ ආර්ථිකය කඩා වැටුණු මොහොතක ආර්ථිකය ගොඩනැංවීම පිණිස රනිල් වික්‍රමසිංහ රටේ නායකත්වයට තෝරා ගත්තා මිස ඔහුට කිසිසේත්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියට අත තබන්නට අයිතියක් නැති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. පුරාවිද්‍යා රක්ෂිතවල වගකීම පැවරී තිබුණේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බැවින් මේ මොහොතේ රටේ ප්‍රෞඪත්වය රකිමින් සාක්ෂි සහිතව ඉතිරිව තිබූ ඉතිහාසය රැක ගැනීමට සියලු ජනතාව එක් රොක් විය යුතුයැයි ද උන්වහන්සේ අවධාරණය කළහ.

මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා ඊයේ (13) බැහැදැක ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ එසේ ප්‍රකාශ කළහ.

සමන්ති වීරසේකර – මතුගම සෙනවිරුවන්
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More