දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගී වී නැති බව වාර්තා වේ.

රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පවත්වා ඇති අතර, ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ට මෙම රැස්වීම සඳහා ආරාධනා කර තිබූ බව සඳහන් ය.

එහෙත් මෙම රැස්වීමට එස්. එම්. චන්ද්‍රසේන, විමලවීර දිසානායක, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍යධුර දරන මන්ත්‍රීවරුන් සහභාගීවී ඇති බව ද සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More