පුරවැසි කොලම

රටේ බුද්ධිගලනය මින්  පෙර නොවූ විරූ අයුරින් සිදු වන බව රටම දන්නා කරුණකි.

රටේ පාලකයා වන ජනාධිපතිවරයා ද මේ බව පවසමින් සිටින අතර එයට පිළියම් යෙදීමට කිසිදු උනන්දුවක් ගන්නා  බවක් පැහැදිලි නැත.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සඳහන් නොවන බව පැවසෙන බදු මුදල් වෘත්තිකයන් මත පටවමින් සිටින අතර ඔවුන්ගේ හඬට කන් දීමක් ද නැත.

එසේම එයට රජයට  හේතුවක් ඇත එනම් එමගින් මෙරටට විදේශ විනිමය ලැබීමයි.

එහෙත් එම බුද්ධි ගලනය මගින් මෙරට සෞඛ්‍ය පද්ධතිය සහ විශ්වවිද්‍යාල පද්ධතියට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව  තේරුම් නොගන්නේ ඔවුන්ගේ නොහැකියාව නිසා නොවේ. එය කපටි කමකි ඔවුන්ට ආණ්ඩු කරගෙන යාමට විදේශීය විනිමය අවැසිව ඇත.

පසුගිය කාලයේ ඩොලර් බිලියන තුනකට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක්   රටට ලැබුණු බව වාර්තා වන අතර, ඒ වෙනුවෙන් බුද්ධිගලනය සිදු වූවාට කම් නැතැයි රජය සිතන බව රටේ සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට තේරුම්  ගත හැක.

එසේ බුද්ධිගලනය හරහා ලැබෙන විදේශ විනිමය  වැය කරන්නේ මෙරට  නිපදවිය හැකි කර්මාන්ත ගොවිතැන ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් නම් අප කණගාටු විය යුතු නොවේද ?.

මෙරට අල ලූනු රබර් තේ ගොවියා වගාවේන් ඈත් කරවමින් කලකිරීමට පත් කරවමින් මෙරට කෘෂි ආර්ථිකය විනාශ කිරීම බරපතළ අපරාධයක් නොවේ ද එම මුදල් යොදවන්නේ පාකිස්ථානය සහ ඉන්දියාවේ ගොවීන් සතුටු කිරීමට නම් අප ලජ්ජා විය යුතු නොවේද ?.

මෙරට තුළ නිපදවෙන තේ කර්මාන්තය මින් ප්‍රධාන අභියෝගයකි රටට විදේශ විනිමය ලැබෙන ප්‍රබලම සාධකයකි එය අමතක කර බුද්ධි ගලනය මගින් ලැබෙන විදේශ විනිමය ඉන්දියාවේ පකිස්ථානයේ අල ලූනු ගොවීන් පොහොසතුන් කිරීමටත් මෙරට ගොවියා වගාවෙන් ඈත් කිරීමටත් කටයුතු කිරීම කොමිස් කුමන්ත්‍රණයක් බව අපට හැඟෙයි.

එය කුමන්ත්‍රණයක් ම පමණක් නොව මෙරට ඇතැම් දේශපාලනඥයින් ව්‍යාපාරිකයන්ගේ සාක්කු පිරවීමට සහ එහෙත් රටට අවාසිදායක තත්ත්වයකි.

මෙරට ගොවීන්ගේ පිරිවැය වැඩි වීමට ප්‍රධාන හේතු සාධකය වන්නේ මෙරට ප්‍රවාහන පද්ධතිය සහ බලශක්තියයි .

මෙරටට සිමෙන්ති සහ පොහොර ගෙන්වීමේ සිට බෙදාහැරීම දක්වා තිබෙන්නේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ මාෆියාවකි .

ඉන්දියානු සහ පකිස්ථානු රජයන් මෙය මනාව කළමනාකරණය කර ඇති අතර ඔවුන්ගේ ගොවීන්ගේ පිරිවැය අඩු වීමට බලශක්ති ක්ෂේත්‍රයේ අඩුවීම මගින් විශාල බලපෑමක් කර ඇත එසේම අප වැනි රටවල් වලට ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරනු ලබන ද්‍රව්‍ය විකිණීමෙන් එම රටවල් තවත් විදේශ විනිමය උපයනු ඇත ඔවුන්ගේ ආර්ථිකය ඉහළ නැගෙද්දී අපේ රටේ ආර්ථිකය ඍණ මට්ටමකට වැටෙන්නේ මෙවැනි කරුණු හේතුවෙනි .

රුසියානු රජය අපට බලහත්කාරයෙන් මෙන් සීයට 30% ක 40 % ක අඩු මිලකට බොරතෙල් ලබාදීමට  එකඟතාවය පළ කළත් රජය එය ලබා ගැනීමට කිසිදු උනන්දුවක් මේ දක්වා පළ කර නොමැති අතර, ඉන්දියානු රජය රුසියාවෙන් අඩු මිලට තෙල් ලබාගෙන අපේ රටට විකුණමින් විශාල ලාභයක් උපයන අතරම, ආසියානු කලාපයේ ඇමරිකානු කඳවුරේ  සිටින රටක් වන පකිස්ථානය රුසියාවෙන් මෙම ඉල්ලීම කළ ද පසුගිය කාලයේ  එයට පිළිතුරු ලෙස බොරතෙල් ලබාදීමට රුසියාව උනන්දු වූයේ නැත.

එහෙත් පාකිස්තාන රජය දිගින් දිගටම කරනු විව්ධ ඉල්ලීම් නිසා  පසුගියදා රුසියානු රජය විසින් 30% ක සහනාධාරය මත පාකිස්තානය වෙත රුසියානු තෙල් ලබා දෙමින් සිටී.

එහෙත් ශ්‍රී ලංකාවට රුසියාව තෙල් ලබා දීමට කැමැත්තෙන් සිටියත් ප්‍රතික්ෂේප කරමින් සිටී .

ඒ වෙනුවට චීන ඇමරිකානු ඉන්දියානු නියෝජිතයින්ට රට තුළ තෙල් බෙදා හැරීමට අවකාශ ලබා දෙමින් සිටී.

මෙයට හේතුව දූෂිත දේශපාලනය හා කොමිස් මුදල් බව මේ රටේ පුංචි දරුවකුට වුවද වැටහේ රජයන් රජයන් අතර කොමිස් මුදල් හුවමාරුවට ඉඩක් නොමැති හෙයින් එයට වත්මන් රජය ඉඩ ලබා දී ඇති බව වැටහේ.

රුසියාවෙන් තෙල් ලබා ගත්තා නම් මෙරට බලශක්ති පිරිවැය අඩු වන අතර  උද්ධමනය ද අඩු වනු ඇත ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිවැය අඩුවීම හේතුවෙන් ගොවියාට ද ඉන් මහත් සෙතක් අත් වේ.

එසේම රුසියානු රජය ඉන් නොනැවතී මෙරටට  ඉතා අඩු මිලට පොහොර ලබා දීමට උත්සහ කලත් රජයේ පාර්ශ්වයෙන් එවැනි උනන්දුවක් නොමැත .

පුද්ගලික අංශය විසින්  රුසියානු පොහොර ලබා ගන්නා අතර එය ලෝකයේ අවම මිලක් ලබාගෙන ආනනය කරන එකම පොහොර වර්ගය වේ .

එහෙත් රජයන් රජයන් අතර ගිවිසුමකට එළඹෙන හොත් පොහොර ඉතා අඩු මුදලකට ලබා ගැනීමටත් ඒ වෙනුවෙන්  මෙරට තේ රුසියාවට අලෙවි කිරීමට  සහ බොරතෙල් සහ පොහොර මෙරටට ලබා ගැනීමටත්  හැකියාවක් තිබුණත් එය එසේ කරන්නේ නැත්තේ කොමිස් නිසා නොවේද?.

එයට බොරු ඇමරිකානු බිය දමා තිබේ.

අපිට එය එය එසේ නම් පාකිස්තානයට එය දහස් ගුණයකින් වැඩි බව මෙරට දේශපාලනඥයන්ට රට රැවටීමට  පෙර තේරුම් ගත යුතුය.

බුද්ධි ගලනයට ඉඩ දී මෙරට ගොවීන් වගාවෙන් ඈත් කිරීමට හා ඉන්දියානු පකිස්තානු ගොවීන් ධනවතුන් බවට පත් කිරීමට කටයුතු කරන්නේ කිනම් අරමුණක් වෙනුවෙන් ද?.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සෞඛ්‍ය පද්ධතිය විනාශ වී මෙරට ගොවිතැන ද විනාශ වූ පසු අපට ඉතිරිව ඇත්තේ කුමක්ද?

අපේ රටට විදේශ විනිමය ලැබෙන මාර්ග අවහිර කර බුද්ධි ගලනය මගින් ලැබෙන විදේශ විනිමය ඒ වෙනුවෙන් වැය කිරීම අපරාධයක් නොවේ ද?

ලෝක වෙළඳපලේ ඩොලර් හතළිස් අටක් පමණ වන සිමෙන්ති ටොන් එකක්  වරායට ඒමට පෙර දේශීය මුදලට පරිවර්තනය කළ හොත් රුපියල් දහ හතර දහස් හාරසියක්  වන අතර ,සිමෙන්ති කොට්ටයක් සඳහා එම අගය රුපියල් 720 කි  එහෙත් අප නිෂ්පාදන මිලටත් වඩා මේ රටට නැව් මඟින් ගෙන එන වියදමටත් වඩා මුදලක් රට තුළ ප්‍රවාහනය කිරීම සඳහා වියදම් කරමින් ඇත සිමෙන්ති කොට්ටයක් මෙරට තුළ අලෙවි වන්නේ රුපියල් දෙදහස් හත්සියක ට පමණ වන අතර ලාභය නැව් ගාස්තු වෙනුවෙන් රුපියල් දෙදහසක් අප ඒ වෙනුවෙන් වැය කරමින් ඇත .

ව්‍යාපාරිකයන් පවසන්නේ මෙරට ඉන්ධන පිරිවැය වැඩිවීම හේතුවෙන් එය බලපා ඇති බවයි .

පුද්ගලික අංශය මගින් රුසියාවෙන් ගෙන්වනු ලබන යූරිය ටොන් එකක් ඩොලර් 328 ක් පමණ වන අතර,මෙරටට එන විට එම පොහොර කොට්ටයක මිල රුපියල් හාරදාස් නවසිය විස්සක් පමණ වේ .

එහෙත් අප රට තුළ එය විකුණනු ලබන්නේ රුපියල් නම දහසකට වැඩි අගයකටය.

සිමෙන්ති බෙදාහරින මිලටත් වඩා වැඩි අගයක් පොහොර බෙදා හැරීම සඳහා එනම් රුපියල් පන්දහසක් පමණ වැය වන්නේ කෙසේද ?

මෙය පැහැදිලිව රාජ්‍ය හා පුද්ගලික අංශ අතර තියෙන වෙළඳ මාෆියාවක් විනා වෙන කිසිවක් නොවේ.

මෙමගින්  රටට විදේශ විනිමය ගෙන එනු ලබන ප්‍රධානම වැවිලි බෝගය වන තේ කර්මාන්තය නැත්තටම නැතිවන පසුබිමක රටට බත සපයන වී වගාවද ඒ හේතුවෙන් ඉහළ මිලක් ගෙන ඇත.

එවිට අපට ලාභයට ඉන්දියානු  පාකිස්තානු ගොවීන්ගෙන් අල ලුනු මිරිස්  සහල් තේ ආනයනය කිරීමට හැකිවන අතර  එමගින් රටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය බුද්ධිගලනය හරහා ලැබෙන විදේශ විනිමය ඵලක් නොමැති වනු ඇත.

ඩොලරයේ අගය රුපියල් තුන්සිය හැටක් පමණ වන විට තේ වගාව සඳහා යොදා ගනු ලබන පොහොර මිටියක මිල රුපියල් දහ අට දහසක් පමණ වන විට මෙරට තේ ගොවියාට රුපියල්  400 ත් 250 ත් අතර මිලක් ඔවුන්ගේ තේ දලූ වෙනුවෙන් ලැබුණු අතර,, අද වන විට ඩොලරයේ අගය රුපියල් තුන්සීයක් දක්වා පහත බැස ඇති  අතර පොහොර මිල රුපියල් දහතුන් දහසක් පමණ වී ඇත එහෙත් දළු මිල රුපියල් 130 /170 ත් අතර මිලකට අඩුවී ඇත.

දළු කිලෝවක්  කැඩීම සඳහා කම්කරු කුලිය රුපියල් පනහක් පමණ සහ  පොහොර මිල අනිකුත් ක්ෂේත්රයේ වියදම් හේතුවෙන් කුඩා තේ වතු හිමියන්ට ලැබෙන ලාභය අහිමි වීම හේතුවෙන් මෙරට තුළ පවතින  කුඩා තේ  වගාවන් කැලෑ බවට  පත්වීම වැළැක්වීමට කිසිදු හැකියාවක් නොමැත.

පුද්ගලීකරණය හේතුවෙන් මෙරට විනාශ කරනු ලැබූ වැවිලි කර්මාන්ත ක්ෂේත්රය වන  මහා පරිමාණ වතු මගින් ලබාදෙනු ලබන්නේ සියයට 20ක තේ නිෂ්පාදනයක් වන අතර කුඩා තේ වතු හිමියන් නිසා එය සියයට 80 දක්වා ඉහළ ගෙනගොස් ඇත.

කුඩා තේ වතු හිමියන් වගාවෙන් ඈත් වන විට සිදුවනු ඇත්තේ කුමක්ද?

එමගින් සිදුවුණු ඇත්තේ මෙරට ලැබිය යුතු ප්‍රධාන විදේශ විනිමය මාර්ගය අවහිර වීම පමණකි.

ඉන්දියාවෙන් තේ ආනයනය කර තේ නිෂ්පාදනය වැඩි බව පැවසූ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා දැන් පොහොර සහ  හිතකර දේශගුණයක් තිබියදී රටේ තේ අපනයන ආදායම අඩුවීම පිළිබඳ කියන්නේ කුමක්ද?

තේ මණ්ඩලයේ සිදුව ඇති බව පැවසෙන රුපියල් කෝටි 760 වංචාවක් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා පැහැදිලි ව දන්වා ඇතත් ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර අභ්‍යන්තරය පරීක්ෂණයක් පැවැත්වෙන බව කී ඇමැතිවරයා දැන් කියන්නේ කුමක් ද මෙම පරීක්ෂණය සිදු වී ද එයට වගකිව යුත්තන්ගෙන් අලාභය අය කරගෙන ඇත්ද?.

ඉතා අධික වියදමක් දැන්වීම් වෙනුවෙන් ලබා දෙන තේ මණ්ඩලය මෙරට තේ ගොවියා වෙනුවෙන් කරන කාර්ය කුමක්ද තේ ගොවියාගේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට සහ දලු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට මෙරට තේ නිෂ්පාදනය වැඩි කිරීමට උත්සහ ගෙන තිබේද ??? පිළිතුර කොහෙත්ම නැත යන්නයි.

බුද්ධි ගලනයට ඉඩ දී අපගේ විදේශ විනිමය එන මාර්ග  අවහිර කිරීමෙන්  සහ එමගින් ලැබෙන මුදල් නැවත  ඉන්දියානු පකිස්තානු ගොවීන්ගේ සුබසාධනය වෙනුවෙන් වැය කිරීමෙන් අපේ රටේ අනාගතය කෙබඳු වේද යන්න ඔබ සිතා බැලිය යුතුය .

මෙරට තේ නිෂ්පාදනය හරහා ලැබෙන විදේශ විනිමය අඩුවීම නිසා බුද්ධි ගලනය මගින් ලැබෙන සියලු ධනය රටේ සෞඛ්‍යය අධ්‍යාපනය සහ ආහාර වෙනුවෙන් වැය කිරීමට සිදු වනු ඇත  එහෙත් එය ප්‍රමාණවත් වේ ද යන්න බලවත් ප්‍රශ්නයකි .

එවිට සක්කරයාගේ පුතා වයිමා ආවත් මෙරට තවත් වලපල්ලට වැටුණු විනා  2048 දී දියුණු රාජ්‍යයක් වුණු දැකීම සිහිනයක් බවට පත්වනු ඇත.

අපි සිහින දැක දැක සිටිමු .

වසන්ත අල්විස් 
කැඳවුම්කරු 
මහජන යුතුකම් කේන්ද්‍රය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More