නව මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත යන පනත් 5ක සංශෝධනයක් ඇතුළත්ව මෙම මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිත බව පැවසේ.
මැතිවරණයක් සඳහා තරගවදින දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් චර්යාධර්ම පද්ධති (Code of Condutc) උල්ලංඝනය කළ විට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත්, මැතිවරණ දින නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළ නොහැකි වන විශේෂයෙන් හඳුනාගත් ඡන්දදායකයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීම සඳහාත් 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස 2022-12-12 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති විට මාධ්‍ය උපමාන (Media Guidelines) උල්ලංඝනය කරන අවස්ථාවන්හිදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ( විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස ද 2022-12-12 දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් අංශෝධිත පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...