දේශීය පුවත්

යෝජිත විකාශන අධිකාරී පනත සම්මත වුවහොත් මාස හයක් යන විට මාධ්‍ය ආයතන 33 ක බලපත්‍ර අහෝසි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

විකාශන අධිකාරී පනත පනතක් නොව යෝජනා මාලාවක් බවට ආණ්ඩුව කරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවද ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තුවට වරප්‍රසාද කමිටුවට කැඳවීමෙන් උත්සාහ ගන්නේ යම් ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය හීන කිරීමට දැයි සැකයක් ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා පිළිනොගන්නා තත්ත්වයකට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවද මන්ත්‍රීවරයා කීය.

ජනතා ගැටලු විසඳීම වෙනුවට ආණ්ඩුව කරන්නේ විවිධ අණ පනත් මගින් මහජනතාව මර්දනය කිරීම බවත් එයට කිසිසේත් ඉඩ නොතබන බවත් පැවසූ ජී. එල්. පීරිස් මහතා ලබන වසරේ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර එසේ නොකරන්නේ නම් ජනමත විචාරණයක් හෝ පැවැත්විය යුතු බවත් වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More