වර්තමානයේ රට තුළ මතුවී ඇති ආර්ථික අර්බුදයේ ස්වභාවය හෙළිකරමින් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විදෙස් රටවලින් ලබාගත් දැවැන්ත ණය ප්‍රමාණය හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවය.
විශේෂයෙන්ම 2015-2019 කාලයේ දී 6.8% – 7.2% වැනි ඉතා ඉහළ පොලියට ස්වෛරී බැඳුම්කර හෙවත් වාණිජ ණය යටතේ ඇමරිකන් ඩොලර් බිලියන 12.5 ක් ලබාගෙන තිබීම හේතුවෙන් විදේශ ණය නිසි කලට ගෙවීමේ අර්බුදයක් මතු වූ බවත්, මේවා කෙටි කාලීන ණය වූ අතර එම ණය කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට යොදවා නොගෙන එදිනෙදා ගෙවුම්ශේෂ හිඟය පියවා ගැනීම සඳහා පමණක් යොදාගෙන තිබූ බවත් එම විශ්ලේෂකයන් හෙළිකරයි.
වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එවකට මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති ධූරය දැරූ අතර, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපති ලෙස කටයුතු කළේය.
විදේශ ණයත් ගෙවා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 10.7 ක් උපයා ගැනීමට ක්‍රමවේදයක් කබ්‍රාල් ක්‍රමයේ පැවති බව අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ “ආර්ථික ඝාතකයින් මැද” පොතේ සඳහන් වුවද ඔහු මහ බැංකු අධිපතිව සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ පිළිබඳව විශ්වාසය තැබූ බවක් පෙනෙන්නට නැති බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකෙරෙන විමර්ශනාත්මක ලිපිය පහළින්…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියන දෙය ඇත්ත . නොයෙක් දෙනා ඔහුට මඩ ගැසුවත් ඔහු ඒ සෑම මඩකටම උත්තර දී තිබෙනවා . ගෝටාභය රාජපක්ෂ මහතා ඔහුගේ උපදෙස් පිලි නොගෙන උඩඟු ලෙස හැසිරීම නිසා රටත් විනාශවී ඔහුත් විනාශ වුණා .