ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට ඇතැයි තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසයි.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වන අතර, පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, හා දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...