විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇති අතර, ඊට අදාළ ගාස්තු සංශෝධයන් මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.
ඒ අනුව ගාස්තුව අඩු කිරීමේදී ඒකක 0සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9කින් අඩු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
මීට අමතරව ඒකක 31සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8කින් ද, ඒකක 61 සිට 90දක්වා විදුලි ගාස්තුව සියයට 7.2කින්ද, ඒකක 91සිට 180දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4කින්ද පහත දමා තිබේ.
මීට අමතරව විදුලි ඒකක 180ට වැඩි කාණ්ඩයේ ගාස්තුව සියයට 1.3කින් අඩු වනු ඇත.
මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, ආගමික ස්ථාන සහ පුණ්‍ය ආයතනවල විදුලි ගාස්තුව සියයට 3.2කින් පමණ අඩුවන බවය.
කර්මාන්ත, පොදු කාණ්ඩ, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බව සඳහන්ය.
කෙසේවෙතත් හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6කින් පහත දැමෙන බවද මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...