දේශීය පුවත්

ඩෙංගු වසංගතය ගැන දෙමාපියන් විශේෂයෙන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවත්, දරුවන් පාසල් එවීමේ දී දරුවන්ගේ ශරීරයේ නිරාවරණය වන කොටස්වල සුදුසු මදුරු විකර්ශකයක් ගල්වා එවීමට දෙමාපියන් වගබලාගත යුතු බවත්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පවසයි.

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් දකින බවත් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 67 ක් ඩෙංගු අවදානම් කලාප ලෙස නම්කර ඇති බවත් හෙතෙම පවසයි.

මෙම වසරේ ද මේ දක්වා (ජුනි 11 දක්වා) කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 42,961 ක් වාර්තා වන බවත්, එම කාලය තුළ ඩෙංගු මරණ 25 ක් වාර්තා වන බවත් පැවසූ ඒ මහතා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 21,435 ක් බවත් සඳහන් කරයි.

පසුගිය වසරේ (2022) දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 76, 689 ක් වාර්තා වූ අතර එම වසරේ ඩෙංගු මරණ 72 ක් සිදුව ඇත.

මේ අතර සමස්ථ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25 ක්ම පාසල් දරුවන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More