දේශීය පුවත්

දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් පියවර නොගන්නේ නම් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී මේ පිළිබඳව දැනුම්දුන් බවයි.

ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස එම සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා වාර කිහිපයක් පවත්වනු ලැබීය.

එහෙත් සිය ගැටලු සඳහා මෙතෙක් ස්ථීර පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බවයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පවසන්නේ.

එම නිසා ජුලි මාසය අවසන් වීමට පෙර ජනවාර්ගික අර්බුදය සඳහා විසඳුම් ලබානොදුනහොත් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා නොකිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව රාසමානික්කම් ශානක්‍යයන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More