සිකුරාදා හා ඉරිදා දිනයන්හිදී යාපනය දිස්ත්‍රික්කය තුළ පවත්වන උපකාර පන්ති නැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ගත් තීරණයක් මත එළැඹෙන ජුලි මස 01 වනදා සිට අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
අදාළ වැඩසටහනේ මුලික අදියර යටතේ යාපනය දිස්ත්‍රික්කයේ පවතින සියලුම උපකාර පන්ති යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ලියාපදිංචි කිරීම සිදුකිරීමට නියමිතය.
උපකාර පන්ති ලියාපදිංචි කිරීමෙන් අනතුරුව උපකාර පන්ති ගුරුවරුන් හා උපකාර පන්ති කළමනාකරුවන් සමඟ සාකච්ජාවක් පවත්වා අදාළ තීරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...