“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබේ. එහි පළමුවැන්න අද (11දා) සවස 5:00ට පානදුර, තල්පිටිය “වයිට් හෙවන්” හෝටලයේ දී පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණ මාලාවට කථිකයන් ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ, ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති උදය ගම්මන්පිල, අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමි, නියෝජ්‍ය ලේකම් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද එක් වීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...