අරගලය ක්‍රියාත්මක වූ සමයේ මෙරට යුද, ගුවන් හා නාවික හමුදාව අක්‍රියව කටයුතු කිරීම ගැන රහස් පොලිසිය අලුතින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික පුවත්පතක් තොරතුරු වාර්තා කරයි.
අරගලකරුවන්ට එරෙහිව ක්‍රියාත්මකවී ඇත්තේ විශේෂ කාර්ය බළකාය පමණක් බව රජයට හෙළිවී ඇති අතර, රජයේ නියෝග මත මෙම අලුත් විමර්ශනය ක්‍රියාත්මක වී තිබේ.
ගුවන් හමුදාවට, නාවික හමුදාවට සහ යුද හමුදාවට ඒ ඒ ස්ථාන රැකීමට උපදෙස් දී තිබුණත් එය සිදුවී නැති බවයි හෙළිවී ඇත්තේ.
පසුගිය වසරේ මැයි මස පැවැති අරගල සමයේ අරලියගහ මැඳුර ජනපති කාර්යාලය රැකීමට ගුවන් හමුදාව සහ නාවික හමුදාව ද යොදවා සිටි නමුත් ආරක්‍ෂක කටයුතු සිදුවී නැති බවද හෙළිදරව් වී ඇති බව පැවසේ.
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද අරගලයේ සැඟවුනු කතාව කෘතිය මගින් මේ පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ද සිදුකර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...