ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී පිල නමින් කණ්ඩායමක් පිහිටුවාගෙන ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩවී මෛත්‍රී පිල නමින් සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරණයක් ද පවත්වාගෙන යෑමට එම පිරිස පියවරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
ඔවුන් පක්‍ෂයේ සාමූහික තීරණවලින් බැහැරව තනි මතයට කටයුතු කරමින් සිටින බවත්, මෙම පිරිස තම කණ්ඩායමට සාමාජිකයන් වැඩිකර ගැනීමේ අරමුණින් ආණ්ඩුවට එක්වී සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් පක්‍ෂයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා පක්‍ෂ සභාපතිවරයා ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකර ඇති ලිපිය ද ඉල්ලා අස්කර ගැනීමට සැරසෙන බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...