උතුරු සහ නැගෙනහිර පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු එකඟතාවයක් දක්වා නැතැයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු පවසන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම ගැන තම පක්‍ෂයේ ස්ථාවරය පැහැදිලි කළ බවය.
එහිදී පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම සම්බන්ධව තමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ද අදහස් දැක්වූ බවත් 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මේ දක්වා පළාත් සභා සඳහා එම බලතල ලබා නොදුන්නේ ඇයි දැයි කියා පළමුව සොයා බැලිය යුතු බවත් සඳහන් කළ බවද මහලේකම් වරයා පවසයි.
උතුරු සහ නැගෙනහිරට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් ලැබී නැතැයි ද එසේ නම් ඒ මහතා අලුත් ජනවරමක් ලබාගත යුතු බව සරත් වීරසේකර මහතා දැනුම් දුන් බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...