ඉකුත් වසරේ පැවති අරගලයේදී ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සදුදා ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම දුක්ගැනවිල්ල ඉදිරිපත් කර තිබේ.
ආපදාවට ලක් වූ මැති ඇමැතිවරුන් එක්ව අධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් තමන් ද නොදැනුවත්ව ඉවත් කරගෙන ඇතැයි එම මන්ත්‍රීවරුන් සදහන් කර ඇති අතර, එම නඩුව ඉවත් කරගෙන ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට පොලිසිය දුන් සහතිකයක් මත වුවද,ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ද එම මන්ත්‍රීවරුන් මෙහිදී පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...