දේශීය පුවත්

පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගය අතරේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ දසුන් සහ සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය.

ඒ තමන් අකුරු උගත් පාසලේ භෞතික සම්පත්වලට හානි කර ගොස් තිබූ අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන ය.

දරුවන්ගේ ආකල්ප වර්ධනය දියුණු කළ හැකි හොඳම පරිසරය නිවස සහ පාසල වුවුද පසුගිය කාලය පුරා දරුවන්ගේ අනිසි ක්‍රියාගැන නිරන්තරයෙන් වාර්තා වන්නට විය.

ඇතැම් ගුරු සංගම් චෝදනා නගන්නේ මේ තත්ත්වයට පාසල් ගුරුවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන් ද වගකිව යුතු බවය.

එහෙත් විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ මෑත වකවානුව තුළ සමාජයේ ඇතිවූ විවිධ ගැටුම් හා අරගල හේතුවෙන් මෙන්ම පාසලෙන් පරිභාහිර වූ දුරස්ථ අධ්‍යාපන රටාව හරහා මෙම තත්ත්වයන් වර්ධනය වී ඇති බවයි.

පාසල් කාලය සුන්දරය. සුදු ඇඳුමෙන් සැරසුණු දරුවන් දකින ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ ආයේ පාසල් යන්න හැකි නම් කියාය.

එහෙත් වර්තමාන දරු පරපුර එම සුන්දරත්වයෙන් මිදී සමාජ ව්‍යවසනයන්ගේ ගොදුරු බවට පත්ව ඇති තත්ත්වයක් මතුව ඇති පසුබිමක ඔවුන් එයින් මුදවා ගැනීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් හා වගකිවයුතු බලධාරීන් මෙන්ම ආගමික මධ්‍යස්ථාන ද වෙන කවරදාටත් වඩා මැදිහත් විය යුතු බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More