දේශීය පුවත්

ශ්‍රී ලංකාවට එරෙහිව ඇ.ඩො. මිලියන 500 ක “උණුසුම්-මුදල්” (Hot-money) ප්‍රහාරයක්, යනුවෙන් පසුගිය සති කීපය තුළ ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඉහළ යෑම පිළිබඳව විශ්ලේෂණයක් අප වෙත ලැබී තිබේ.

එමගින් මෑත කාලීන රුපියලේ අගය අධිප්‍රමාණය වීමේ වාසිය කාටද යන ගැටලුව විග්‍රහ කරයි.

මේ පිළිබඳව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගෙන් “ලංකා ලීඩ් නිව්ස්” හි විමර්ෂණ අංශයෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ එම විශ්ලේෂණය සමග තමා එකඟවන බවත්, 2015-2019 කාළයේ දී සිදුවූ ඇ.ඩො.බි. 12.5ක් වූ ස්වෛරී බැඳුම්කර නිකුතුවටත් වැඩිය මෙහි ප්‍රථිඵල භයානක විය හැකි බවත් ය.

මේ පිළිබඳව “ලංකා ලීඩ් නිව්ස්” වෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ මෙය කලකට ඉහත ඉන්දුනීසියාවේ සිදුවූ සෝරෝස් වර්ගයේ ආක්‍රමණයකට රට ගොදුරුව ඇති බවත්, විදේශගත ශ්‍රමිකයින්ගේ දුප්පත් ඉතිරිකිරීම් හෝ ආයෝජනද දැඩි අවධානමකට ලක්ව ඇති බවත් ය.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ, මහ බැංකුව ස්වාධීන කිරීමට යෝජනා පමණක් ඇති මෙවන් අවස්ථාවක කටයුතු මෙසේ සිදුවන්නේ නම්, එම ආයතනය ස්වාධීන වූ පසුව කෙසේ හැසිරෙන්නේද යන්නත්, අවසානයේ ජනතා ඡන්දයකුත් නැතිව පත්වෙන නිලධාරීන්ද රටට ජනතාවට වග නොකියන බැවින් වැටයි නියරයි දෙකම එකතුව ගොයම් කන මේ අවධිය පිළිබඳව වෘත්තිකයන් සහ මහ ජනතාව වඩා අවදියෙන් ක්‍රියාකළ යුතු බවත් ය.

එම විශ්ලේෂණයන් සඳහා පහත දිගුවෙන් පිවිසිය හැකිය…

ශ්‍රී ලංකාවට එරෙහි උණුසුම් මුදල් ප්‍රහාරය…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More