ඉන්දියාවේ බලපැම් මත පළමුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවට ඊයේ (09 දා) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසද රැස්වීමේ දී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පවසා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසදයේ රැස්වීමක් ඊයේ (09 දා) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර, එහිදී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශකොට ඇත්තේ පළාත් සභා මැතිවරණය ඉන්දියාවේ බලපෑම් මත පළමුව පැවැත්වීමට ඉඩ ඇති බවය.
ඒ සඳහා සූදානම්වන ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත.
ජුලි මස 10 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු අගමැති මෝදි හමුවන බවත් එම හමුවේ දී පළාත් සභාමැතිවරණය පැවැත්වීම පිළිබද තීරණය වන බවත් ඔහු පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...