රුපියල් එක් කෝටි දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිලි 11 සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් පිලියන්දල පොලිසි විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබී තිබූ මෙම පැමිණිලි 11 සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට මෙම හිටපු නාගරික මන්ත්‍රීවරියට පිලියන්දල පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර තිබේ.
ඒ අනුව පොලිසියෙන් කරන ලද දැනුම්දීමට අනුව ඇය පැමිණි බව පොලිසිය පවසයි.
මුදල් වංචා කිරීමේ සිද්ධීන් 11 ට අදාළව විමර්ශනයක් පවත්වා හෙළි වූ කරුණු මත හිටපු නාගරික මන්ත්‍රීවරිය මෙසේ සැකපිට අත්අඩංගුවට ගන්නා ලද බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රීවරිය ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...