දේශීය පුවත්

සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාල නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශවලට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කර තිබේ.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම, එහි ඩිජිටල්කරණ කටයුතු අවසන් කිරීම සහ මේ දක්වා තොරතුරු අනාවරණය කර ගත නොහැකි අතුරුදන් වූවන් සඳහා නොපැමිණීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More