උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති ඉඩම් දෙමළ ජනයාට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා ඇති බව වාර්තා වේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝග පරිදි මේ කාර්යාලය පිහිටුවා ඇති අතර, යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් ඇතුලත අදාල ගැටලුව විසඳිය යුතු බවට ද සාගල රත්නායක මහතා උපදෙස් දී ඇති බවත් සඳහන්ය.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසත් පාරම්පරික ඉඩම් හිමි ජනතාවට අසාධාරණයක් නොවන ලෙසත් මෙම ගැටලුව විසඳීම අරමුණු කර ගනිමින් අදාල කාර්යාලය පිහිටුවන ලෙස සාගල රත්නායක මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...