දේශීය පුවත්

මහජනතාව අපහසුතාවට පත්කරමින්, උසාවි නියෝග නොතකා පසුගිය දා විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව අල්ජසීරා පුවත් සේවයේ මෙරට පුවත් සපයන තැනැත්තියක් විසින් එම පුවත වාර්තා කර තිබූ ආකාරය පිළිබඳව මේ වන විට සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.

ඇය එහිදී පවසන්නේ මෙරට විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා සැමවිටම දැඩි මර්ධනයකට ලක්කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආචාර්ය පුන්සර අමරසිංහ මහතා පවසන්නේ අල්ජසීරා නාලිකාව සැමවිටම සිදුකරනු ලබන්නේ පුවත් මැවීම මුල්කරගත් ක්‍රියාදාමයක් බවය.

විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල ගැටුමක් ඇතිවන සෑම විටම අල්ජසීරා පුවත් සේවය අදාල ස්ථානයන්ට පැමිණ නාට්‍යානුසාරයෙන් පුවත් වාර්තාකරණයේ නියැලෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More