කාන්තාවන්ගේ සම සුදුවීම සඳහා භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු බවට පර්යේෂණාගාර වාර්තාවලින් තහවුරුවී ඇතැයි වාර්තා වේ.
අලෙවිය සඳහා පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබූ ක්‍රීම් වර්ග සම්බන්ධයෙන් මෙම හෙළිදරව්ව සිදුවී ඇති අතර, එවැනි ආලේපන වර්ග භාවිත කිරීමෙන් පිළිකා ඇතුළු විවිධ ලෙඩ රෝග ඇතිවිය හැකි බැවින් එවැනි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන භාවිත නොකරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබුණි.
එහිදී පාකිස්තානයෙන් ආනයනය කළ බවට සැක කෙරෙන දේශීය වශයෙන් වගකීමක් සඳහන් කර නොමැති, ප්‍රමිතියකින් තොර සහ නීතිවිරෝධි ලෙස ඇසුරුම් කර තිබුණු රූපලාවන්‍ය ආලේපන වර්ග රැසක් සොයාගත් බව එම ඒකකය සඳහන් කළේය.
එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ආලේපන වර්ග 6ක සාම්පල ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යැවූ අතර මේ වනවිට එහි ප්‍රතිඵල නිකුත්වී තිබේ.
ඉන් අනාවරණය වී ඇත්තේ අදාළ ආලේපන වර්ග තුළ ඉතා විශාල වශයෙන් රසදිය අඩංගුව ඇති බවටය.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් සහ දියර වර්ගවල අඩංගු විය හැකි අනුමත රසදිය ප්‍රමාණය වන්නේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් පමණි.
නමුත් පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් එහි අඩංගුව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...