ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බැවින් එය අනුමත නොකරන බවට එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවට පාර්ලිමේන්තුව හමුවේ අද (09) සඳහන් කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබියදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රජය කිසිසේත් පිළිනොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කර ඇත.
ඒ තත්ත්වය යටතේ ආංශික අධික්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය නොකරන ලෙස කළ යෝජනාව රජය ඉවත දමනු ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා විශ්වාසය පළ කරන්නේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ පිටපතක් අද (09) දිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවීමට ද ආණ්ඩු පක්ෂ කාර්යාලය පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...