පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු දෙමළ දේශපාලකයන් කිහිපදෙනෙකු කන්කසන්තුරේ තිස්ස විහාරයට විරෝධය පළ කිරීම සඳහා දෙමළ ජනතාව රැගෙන ගොස් ඇත්තේ ඔවුන්ව රවටා බව මේ වන විට සාක්ෂි සහිතව හෙළිදරව් වී තිබේ.
යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා එම විරෝධතාවට ගිය පුද්ගලයන් හා දුරකථනයෙන් සම්බන්ධවී මේ බව හෙළිදරව් කරගෙන තිබේ.
අරුන් සිද්ධාර්ථ මහතා දුරකථනයෙන් සම්බන්ධකරගත් එක් කාන්තාවක් පවසන්නේ වියළි ආහාර දෙන බව පවසා තමා ඇතුළු 25 දෙනෙකු පමණ බස් රථයකින් රැගෙන ගිය බවත්, මෙම ස්ථානයේ පවත්වන්නේ රැස්වීමක් පමණක් බවත් එම සංවිධායකයන් පැවසූ බවත් ය.
එහෙත් අදාළ ස්ථානයේ පැවැත්වෙන්නේ උද්ඝෝෂණයක් බව එහි ගිය පසු දැනගත් බවද, ඒ නිසාම බස් රථයෙන් නොබැස සිටි බවද ඇය පවසයි.
මෙම දුරකථන සංවාදය ඇතුළත් වීඩියෝව පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...